උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේවන විට යථාතත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්රකාශ කළා.
ධාවන කටයුතුවලට බාධා සිදුවුනේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන්. පස්කන්ද ඉවත්කර මාර්ගය පිරිසිදු කිරිමට දුම්රිය සේවකයන් සහ පොලිසිය කටයුතු කළා.
මේ අතර මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලි පැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරිමේ කටයුතු තවදුරටත් සිදුවනවා. එබැවින් සියලු මාර්ගවල දුම්රිය ධාවන කටයුතුවලට තවමත් බාධා පවතින බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.