හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
රාජිත සේනාරත්න මහතා මෙම අයදුම්පත ගොනුකළේ සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පැය දෙකහමාරකට වැඩි කාලයක් කරුණු දක්වා ඇත්තේ ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතායි. ජනාධිපතිවරණ සමයේදී එක්තරා පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඔවුන් සුදු වෑන් සිද්ධීන් සම්බන්ධයෙන් සහ ප්රභාකරන්ගේ රත්රන් සම්බන්ධයෙන් කරුණු දන්නා බව හිටපු අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.
එම කරුණුවල සත්‍ය අසත්‍යතාව පිලිබද හිටපු අමාත්‍යවරයා කිසිවක් නොදෙන සිටි නමුත් ඒවායේ යම්කිසි සත්‍යතාවක් තිබිය හැකි බවට වැටහීයාම නිසා ඔවුන් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවක් හරහා ජනතාවට ඉදිරිපත් කළ බවයි පෙත්සමට අදාලව කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරනයට වාර්තා කළේ. එහෙත් ඔවුන් දෙදෙනා දැන් ලබාදෙන කටඋත්තර පදනම් කරගනිමින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වලක්වමින් අපේක්ෂිත ඇපයක් නිකුත් කරන ලෙස නීතිඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහෙත් මෙවැනි ඇපයක් ලබාදීමේදී එය සිදුකරන්නේ කුමන වගන්තිය සදහාද යන්න පිලිබද නිශ්චිතතාවක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් බවයි එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතේ තමන් අපේක්ෂා කරන ඇපය ඉල්ලුම් කරන්නේ කුමන වරදක් සම්බන්ධයෙන් ද යන්න පිලිබදව නිශ්චිතව සදහන් කර තිබී නැති බවත්, අප අධිකරණ වාර්තාකරු සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/nKJd9-XslAI”]