සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අද(20)යි.
කරච්චිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 191ක් රැස් කළා. අසාඩ් ශෆික් ලකුණු 63යි. බාබර් අසාම් ලකුණු 60ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී ලසිත් ඇඹුල්දෙණිය සහ ළහිරු කුමාර කඩුලු 04 බැගින් බිද හෙලුවා.
ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (19) දිනයට තරගය නතර කරන විට කඩුලු 03ක් දැවි ලකුණු 64ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න ලකුණු 25යි.