ඔස්ටේරිලියාව ආශ්‍රිතව තවමත් දැඩි උෂ්ණත්වයක් පවතින බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
නැගෙනහිර කලාපය පුරා ලැව්ගිනි ව්‍යප්ත වුණා. ඒවා පාලනයට එක්වූ ස්වේච්ඡා ගිනි නිවන භටයන් දෙදෙනෙකු මියගිය බවයි ඔස්ටේරිලියා මාධ්‍ය සදහන් කළේ.
ලැව්ගිනි හේතුවෙන් නිවාස 700 ක් පමණ විනාශ වී තිබෙනවා. භෙක්ටාර මිලියන එකයි දශම දෙකක භුමි භාගයක් ද විනාශ වී ඇති බව එම වාර්තාවල සදහන්.
මියගිය ගණන අටක්. මෙම ව්‍යසනය පාලනය කිරීමට රජය මැදිහත්වූ ආකාරය ගැන සෑහීමකට පත්නොවන බව ප්‍රකාශ කරමින් ඔස්ටේරිලියාව පුරා විරෝධතා ද පැවැත්වෙනවා.