රුසියා ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ආරක්ෂක සේවා මූලස්ථානයෙන් පිටතදීයි තුවක්කුකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රති ප්‍රහාරවලින් තුවක්කුකරු මිය ගොස් තිබෙනවා.
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ වාර්ෂික මාධ්‍ය සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසුවයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.