පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද සිට යළි ආරම්භ වනවා.
සාක්ෂි විභාගය අද පස්වරු දෙකට ආරම්භ කිරීමට නියමිතයි.
පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනෙකු ඒ වෙනුවෙන් කොමිසමට කැඳවා තිබෙනවා.
කොමිෂන් සභාවේ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමට භාරදීම ඊයේ සිදුවුණා.