fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාරයේ සිටින ගානියා ළග දුරකතන හා සිම්කාඩ් පහක් – ඇගේත් සැමියාගේත් දුරකතන CIDයට දෙන්නැයි තානාපති කාර්යාලයට නියෝග

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 18:32

බන්ධනාගාරයේ සිටින ගානියා ළග දුරකතන හා සිම්කාඩ් පහක් – ඇගේත් සැමියාගේත් දුරකතන CIDයට දෙන්නැයි තානාපති කාර්යාලයට නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ස්විස් තානාපති කාර්යාල සේවිකාව ළග තිබී ජංගම දුරකතන සහ සිම් කාඩ් පත් 5ක් සොයාගෙන තිබෙනවා. මේ අතර අධිකරණය නියෝග කළේ දැනට ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ ඇති ඇයගේත් ඇයගේ සැමියාගේත් සියලුම දුරකතන සහ සිම්කාඩ්පත් රහස් පොලිසියට භාරදෙන ලෙසයි.

ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති මෙම තනාපති කාර්යාල සේවිකාව රදවා සිටින  වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ (වයි) වාට්ටුවේ තිබියදීයි ජංගම දුරකතන සහ සිම්කාඩ් පත් පහ හමුවී ඇත්තේ.  සැකකාරිය සතුව ජංගම දුරකතන ඇති බවට බන්ධනාගාර බුද්ධි අංශයට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව කළ වැටලීමකදීයි මෙම ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් සොයා ගැනුණේ. ඒවා වැඩිදුර පරික්ෂණ සදහා රහස් පොලිසියට භාරදී තිබෙනවා. මේ අතර ගානියා සහ ඇයගේ සැමියාගේ ජංගම දුරකතන හා සිම්කාඩ්පත් සීඅයිඩීයට ලබා දෙන ලෙස ස්වීට්සර්ලන්ත තානාපතිකාර්යාලයට නියෝග කෙරුනා. එසේම රක්ෂිත බන්ධනාගාරයේ සිටින ගානියාගෙන් සීඅයිඩීයට කටඋත්තර ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ.  ඇය ගමන් පහසුකම් ලබාගත් බව කියන ඌබර් ආයතනයට අයත් විද්‍යුත් දත්ත ද රහස් පොලිසියට ලබා දෙන ලෙස එම ආයතනයට නියෝග කෙරුණා.

මේ අතර මෙම සේවිකාව අංගොඩ ජාතික මානසික සෞඛ්ය ආයතනය වෙත අද යළි රැගෙන එනු ලැබුවා. පැය 5ක  පරික්ෂණවලින් අනතුරුව ඇය යළි රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යාමටයි බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේ.

මෙම සිද්ධිය පිළිබද සියලු පරික්ෂණ සිදු කෙරෙන්නේ නීත්‍යානුකූලව සහ ඇයගේ සියලු අයිතිවාසිකම් සුරැකෙන අයුරින් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වීට්සර් ලන්ත විදේශ අමාත්‍යවරයාට පවසා තිබෙනවා.  ඒ ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යවරයා සමග පැවති දුරකතන සංවාදයකදීයි. මෙම කාන්තාව ශ්‍රී ලංකා පුරවැසියකු  බැවින් මෙරට නීතියට අනුව සියලු නීත්‍යානුකූල පියවර ගන්නා බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී රාවණාබලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්