ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා වාර්තාවක් ඉල්ලා තිබෙනවා. පසුගිය මාසයේ පමණක් ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ට රුපියල් කෝටි 15 කට අධික මුදලක් ගෙවා ඇති බව හෙළිවීම ඊට හේතුවයි. මේ සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් වහාම තමාට ලබාදෙන ලෙසයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සංස්ථා සභාපතිවරයාට දැනුම්දී ඇත්තේ.
ඛණිජ තෙල් සංස්ථාව තුළ අතිරික්ත සේවකයින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව නිකරුණේ සිටින බවද හෙළිව තිබෙනවා. මෙහෙයුම් කටයුතු සඳහා ද ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් සිටින බවයි තහවුරුවී ඇත්තේ. මෙවැනි තත්ත්වයක් මත පසුගිය මාසයේ පමණක් කෝටි 15 කට අධික අතිකාල දීමනා ගෙවීම සම්බන්ධ වාර්තාව හෙට දිනයට පෙර ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ. මෙම අවිධිමත් කළමනාකරණය හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.