ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමි දුම්බොන්නන්ගේ සංඛ්‍යාව අවම වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
දුම්පානය කරන සහ දුම්කොළ ආශ්රිත නිශ්පාදන භාවිතකරන පිරිමින්ගේ සංඛ්‍යාවයි මෙලෙස පහත වැටී ඇත්තේ. ලොව පුරා රටවල් දුම්කොළ භාවිතය හා ඒ ආශ්රිත නිශ්පාදන සීමා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. සෑම වසරකම දුම්කොළ ආශ්රිත නිශ්පාදන භාවිතය නිසා මිලියන අටකට වැඩි පිරිසක් මිය යනවා. දුම්කොළ ආශ්රිත නිශ්පාදන නිසා බෝ නොවන රෝග රාශියක් ඇතිවන බැවින් විශාල සෞඛ්‍ය වියදමක් සෑම රටකටම දරා ගැනීමට සිදුවනවා. 2018 වසරේ දී මිලියන 60ක පමණ පිරිසක් දුම්කොළ ආශ්රිත නිශ්පාදන භාවිත කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.