fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 15:11

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම්

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙකු වූ කුසුමදාස මහානාමට බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවම් නියම කර තිබෙනවා.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියසේන දිසානායකට ද බරපතල වැඩ සහිත වසර 12 ක සිර දඩුවම් නියම කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඒ රුපියල් මිලියන විස්සක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ඔවුන් වරදකරුවන්වීම හේතුවෙන්. කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයයි නියෝගය අද (19) ලබාදුන්නේ.

දඩුවමට අමතරව රුපියල් හැටපන්දහසක සහ පනස් පන් දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද වැරදිකරුවන් දෙදෙනාට නියෝග කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2019 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්