හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ 2016 වසරේදි රාජගිරිය ප්‍රදේශයේදී සංදීප් සම්පත් නැමැති තරුණයා අනතුරට ලක්කිරීමේ සිද්ධියට අදාලව.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනා ද සිල්වා මහත්මියයි නියෝගය අද (19) ලබාදුන්නේ. පාඨලී චම්පික රණවක මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප අයදුමද ප්‍රතික්ෂේප වී තිබෙනවා. නීතිපතිවරයා කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් අනුවයි පාඨලී චම්පික රණවක මහතා ඊයේ (18) අත්අඩංගුවට ගත්තේ.
ඉන්පසුව හිටපු අමාත්‍යවරයාව අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) නියෝග කළා.