සපිරි ගමක් ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතිය හිමිවුණා. ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමයි අරමුණ.
ඒ සදහා සෑම වසමකට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ විස්සක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමත් අරමුණක්. ප්‍රජා සහභාගීත්වය ද වැඩපිලිවෙලට ලබාගන්නා බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.
මේ අතර සෞන්දර්ය විශ්ව විද්‍යාලයට අනුබද්ධව විශ්ව විද්‍යාල විද්‍යායතන 10 ක් ඇතිකිරිමටත් කැබිනට් අනුමැතිය හිමිවුණා.