ඕස්ටේ්රලියාවේ නිව්සවුත්වේල්ස් වලට දින හතක හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
ලැව්ගිනි පැතිර යාමයි ඊට හේතුව. සතියක පමණ කාලයක සිට හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් ප්රදේශයට දැඩි බලපෑම් එල්ල වුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පවතින අධික වියළි කාලගුණයද ඊට හේතුවක් බවයි ඕස්ටේ්රලියා වාර්තා සඳහන් කළේ.