ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත්ව තිබෙනවා.
ඊයේ දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය කොංග්රස් මණ්ඩලයේ ඡන්ද විමසීමට ලක් කළා. එහිදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 197 ක් ලැබී තිබෙනවා. කොංග්රස් මණ්ඩල ඡන්ද විමසීමෙන් දෝෂාභියෝගයට පක්ෂව වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුණද ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ බහුතරයක් සිටින සෙනට් මණ්ඩල ඡන්ද විමසීමෙන් එය ජයග්‍රහණය කිරීම අපහසු බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. 2020 ඇමෙරිකා ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන ජෝ බයිඩන් අපහසුතාවට පත් කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපතිවරයා යුක්රේන සහාය ලබා ගැනීමට චෝදනා කරමින් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් වුණා. ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තෙවන ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්.