අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව වෙළඳපොලට සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන්නා.
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. එය බලාත්මක කිරීමත් මූලික අවශ්‍යතාවක්. වෙළඳපොල සැපයුම් තත්ත්වය පරීක්ෂාකර අවශ්‍ය පරිදි දෛනිකව සහල් බෙදාහැරීම සඳහා කණ්ඩායමක් පත්කරන ලෙසටත් ජනාධිපතිතුමා දැනුම් දුන්නා. පිටකොටුවේ සහ අනෙකුත් ප්‍රධාන වෙළඳපලවල සහල් සැපයුම්කරුවන් ගැන පරීක්ෂා කිරීමත් මූලික අවශ්‍යතාවක්. මහ කන්නය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව, ලබන ජනවාරි වන විට අස්වැන්න ලැබීමටයි නියමිතව තිබෙන්නේ. උත්සව සමයේ පහසු මිලගණන් වලට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා. ජීවන වියදම අඩු කිරීම ඇතුළු අරමුණු ගණනාවක් පදනම් කරගනිමින වැට් බද්ද අඩු කිරීමටත් රජය පියවර ගත්තා.
සියයට දෙකක් වූ ජාතියේ ගොඩනැගීමේ බද්ද සහ අනෙක් වක්‍ර බදු ඉවත් කර තිබෙනවා. රට තුළ සැපයුම් ප්‍රවර්ධනය කර ව්‍යාපාර හිතකර පරිසරයක් නිර්මාණය කිරීමත් එහි අරමුණක්. ඒ අනුව, භාණ්ඩ සැපයීමේ නිරත සියලු කණ්ඩායම් රැස් කර ප්රතිලාභ පාරිභෝගිකයන්ට ලබාදිම සඳහා ඔවුන් යොමු කළයුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ.
මේ අතර, ජනාධිපතිතුමා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. බදු සහනවල ප්රතිලාභ ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබීම පිළිබඳව විමසිලිමත් වන ලෙසටත් එහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නා.