fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්නැලිගොඩ අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කල් යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 17:53

එක්නැලිගොඩ අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කල් යයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි  20 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළා. නඩුවේ සාක්ෂි ලෙස නම් කර ඇති දුරකතන අංක 10 කට අදාළ  දත්ත ද අධිකරණයට අද  ඉදිරිපත් කෙරුණා.

නඩුවේ සාක්ෂි ලෙස නම් කර ඇති දුරකතන අංක 10 කට අදාළ දත්ත පිළිබඳ වැඩිදුර විස්තර ලබන 20 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි  රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ.  එම දත්ත විත්ති පාර්ශ්වයට ලබා දෙන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා. මේ අතර නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර ඇති අයියාසාමි බාලසුබ්‍රමනියම් පෞද්ගලික ඇපයක් මත මුදා හැරුනද නිසි ඇපකරුවන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නොතීසි නිකුත් කිරීමද සිදු වූ බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළා. අධිකරණයෙන් පිටව යාමට ලබාදී ඇති නිදහස විත්තිකරු හෑල්ලුවට ලක් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නා. මෙලෙස ඇප කොන්දේසි උල්ලංඝනය කරන්නේ නම් ඇප අවලංගු කර නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් භාරයට පත් කරන බවයි අවධාරණය කෙරුණේ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇති වූ සිද්ධිය සම්බන්ධ‍යෙන් සමාව අයැද සිටි අතර නිසි ඇපකරුවන් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 17:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්