fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අගමැති හමු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 17:44

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අගමැති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඉන්දු ශ්‍රීලංකා සබදතා තහවුරු කර ගැනීම වෙනුවෙන්  කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා කළ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පසු ප්‍රවර්ධනය වූ අංශ ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් පල කෙරුණා. මේ අතර ශ්‍රී ලංකාවේ  චීන තානාපති චෙන්ග් සියුආන් මහතාද අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වුවා. චීන රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා ගුවන්හමුදාව සදහා රුපියල් ලක්ෂ 350 ක් වටිනා ගිලන්රථයක් ප්‍රදානය කිරීමට ජපන් ලංකා මිත්‍රත්ව පදනම පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ලිපි අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2019 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්