සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බාලිකා පාපන්දු තරගාවලිය කොළඹදී
Related Articles
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලිය මේ දින වල කොළඹ ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා.
දින හතරක් පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනය හෙටයි. සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලියේ අවසන් වටය සදහා කණ්ඩායම් 27ක් එක්ව සිටිනවා. පළාත් තරග ජයග්‍රහණය කළ කණ්ඩායම් 03ක් එක් පළාතකින් තෝරා ගෙන තිබෙන අතර ක්‍රිඩිකාවන් 500 දෙනෙකු එක්ව සිටිනවා. වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල්දැමිමෙන් අනතුරුවයි නැවත එය ආරම්භ කරනු ලැබුවේ.