හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උදාගම්මාන 2500 ක් ආරම්භ කළ බව පැවසුවද වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 364 ක පමණක් බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. පසුගිය කාලයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘතිය පිලිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුල ඇති ගැටළු පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. පසුගිය රජය සමයේ ආරම්භ කළ ප්‍රජා නිවාස කමිටු අහෝසි කර නව කමිටු පිහිටුවා අධීක්ෂණ සදහා සහකාර සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී යෝජනා ඉදිරිපත් කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ද සාකච්ඡාවට එක්ව සිටිවා.
[ot-video type=”youtube” url=”[ot-video type=”youtube” url=”https://youtu.be/W8V7FLhJJwA”]”]