ඕස්ට්‍රේලියා ඉතිහාසයේ උණුසුම්ම දිනය ලෙස ඊයේ දිනය වාර්තා අතරට එක්වුණා.
ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ඊයේ දිනයේ වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක හතලිහයි දශම නවයක් ලෙසයි. මීට පෙර සෙල්සියස් අංශක හතලිහයි දශම තුනක් ලෙස ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ 2013 වසරේ ජනවාරි 07 වනදා බවයි එරට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා. ලැව්ගිණි පැතිරයාමද සිදුවෙමින් පවතිත්දීයි මෙසේ උනුසුම්ම දිනය වාර්තා වූයේ. කෙසේ වුවද එරට කාලගුණ අංශ පවසන්නේ තවදුරටත් උනුසුම් කාලගුණික තත්ත්වය පැවතිය හැකි බවයි.