ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක පුරවැසි පාලන පනතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීමට පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි මෙම පෙත්සම් සළකා බැලීම සිදුවන්නේ. පුරවැසි පනත අභියෝගයට ලක්කරමින් අධිකරණයට ඉදිරිපත්වී ඇති පෙත්සම් සංඛ්‍යාව 60 ක්. පෙත්සම් ඉදිරිපත් කළ පිරිස අතර දේශපාලන පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සිටින බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
මේ අතර දිල්ලි නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතා පාලනයට අයුතු ජනරාශිය තහනම් කරමින් නිවේදනයක් ද නිකුත්කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ද මෙම ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවයි ඉන්දීය පොලීසිය පවසන්නේ.