ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි.
පළමු ටෙස්ට් ක්රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූණා. ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායම ඊයේ කරච්චි නුවරට පැමිණියා. එහිදි ශ්රී ලංකා කන්ඩායමට දැඩි ආරක්ෂාවක් ලබා දීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා. කරච්චි තණතිරුව පිතිකරුවන්ට පරාදිසයක් ලෙස සැලකෙනවා. එහෙත් මෙහි ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 10යකට පසුවයි. කෙසේ වෙතත් ප්රධාන පුහුණුකරු මිකී ආතර් යටතේ අද දිනයේදී ශ්රී ලංකා කණ්ඩායම සිය පුහුණුවිම්වල නිරතවුණා. ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන කසුන් රාජිත වෙනුවට වමතින් දගපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය තරගයට එක්කරගැනිමට සුදානමින් සිටින බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා. ඔහු අද දිනයේදී සිය පුහුණුවිම් කටයුතුවල නිරත වුනා.