අනවසරයෙන් පතල් කැනීම් කළ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ. ඔවුන් ළඟ තිබූ උපකරණ තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයන් භාර දී තිබෙන්නේ රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටයි.