සුදු වෑන් සංස්කෘතියක් පිළිබද වැරදි තොරතුරු සමාජගත කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උත්සාහකර ඇත්තේ ඉතාම පහත් ආකාරයට බව සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් පෙන්වා දෙනවා.
පසුගිය ජනාධිපතිවරණය ආසන්නව තිබියදී සුදු වෑන් රියදුරෙකු හා සුදු වෑන් වලින් පැහැරගැනීමට ලක්වූ බව කියන පුද්ගලයෙකු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී හදුන්වා දුන්නා.
මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් රහස් පොලීසිය එහිදී කළ ප්‍රශ්නකිරීම්වලදී එක් අයෙකු සතරවල්ලි ආරච්චිගේ සරත් කුමාර ලෙස හදුනාගත්තා. මෙම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ වූවෙකු බව මෙහිදී කළ පරීක්ෂණවලදී හෙළිවුණා.
එමෙන්ම රාජිත සේනාරත්න මහතා හදුන්වා දුන් අනෙක් පුද්ගලයා වටරැකගමගේ අතුල සංජීව මදනායක හෙවත් උන්ඩියල් අතුල ලෙස හෙළිකර ගත්තා. ඔහු 2012 වසරේ දී කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට රැගෙන ආ මුදල් කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙකු වනවා. එමෙන්ම 2013 වසරේ කදාන ප්‍රදේශයේදී ද මෙවැනිම මුදල් මංකොල්ලයක් ඔහු සිදුකර තිබෙනවා. එම වසරේදීම පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් කෝටි තුනහමාරක් වටිනා විදෙස් මුදල් හා රත්‍රං මංකොල්ලකෑමේ සිද්ධියට ද අතුල සංජීව මදනායක සම්බන්ධවී තිබෙනවා. ඔහු මිනීමැරුම් සිදුවීම් කිහිපයකට සම්බන්ධ බවද හෙළිකර ගැනුනා. ඒ ඔවුන්ගේ පාපොච්චාරන අනුවයි.
කෙසේ වුවද මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම්වලට හිටපු ආරක්ෂක ලේකම් හා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලෙස මෙම පුද්ගලයින්ට දැනුම්දී තිබෙනවා. ඒ වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී ඇති බවද වාර්තා වනවා.
මෙම සියලු කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. රාජිත සේනාරත්න මහතාගේ මෙවැනි රගපෑම් ජනතාව කිසිලෙසකින් හෝ පිළිගන්නේ නැතිබව විවිධ පාර්ශ්ව නියෝජනය කරන පිරිස් කියාසිටිනේනේ.