නෑබඩ රිය අනතුරට සම්බන්ධ රියදුරු ඇප මත මුදා හැරීම ගැන විශේෂ පරික්ෂණයක්
Related Articles
කලුතර නෑබඩ ප්‍රදේශයේදී තරුණයෙකුට මරු කැඳවූ රිය අනතුරේ රියදුරු පොලිස් ඇප මත මුදා හැරීමේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලිමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කලුතර නෑබඩ වෙල්ලත ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් 33 හැවිරිදි තරුණයෙකු ඊයේ උදෑසන මිය ගියා. ටිපර් රථයේ රියදුරා පොලිස් ඇප මත මුදා හැරුණු අතර ප්‍රදේශවාසීන් තෙඹුවන පොලීසියට පැමිණ ඊට විරෝධය පළ කළා. එහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
එම ස්ථානයට පැමිණි කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වෙනත් පොලීසියකට භාර දෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට දොඩංගොඩ පොලිස්ථානාධිපති සම්පත් බණ්ඩාර මහතා වෙත අද දිනයේදී භාර දී තිබෙනවා. තෙඹුවන පොලිස් නිලධාරීන්ගෙන් වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ පරික්ෂණ පැවැත්වීමේ වගකීම භාර දී ඇත්තේ මතුගම කොට්ඨාස දෙක සහකාර පොලිස් අධිකාරීවරයාටයි.
මේ අතර අනතුරෙන් මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණවලින් අනතුරුව පවුලේ ඥාතීන් වෙත භාර කෙරුණා.