ඕස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ බ්රිස්බේත් හිට් කණ්ඩායම සහ සිඩ්නි තන්ඩර් කන්ඩායම අතරයි. නව වන වරටත් සංවිධාන කර ඇති මෙම තරගාවලිය සදහා කන්ඩායම් 08ක් එක් වන අතර මුලික වටයේදී පැවැත්වෙන තරග සංඛ්‍යාව 56ක්. මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ අවසන් වටය යටතේ තරග පහක් පැවැත්වීමයි. මීට පෙර බිග් බෑෂ් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග 04ක් පැවැත්වීමටයි කටයුතු කර තිබුනේ.