හෝමාගම අධිකරණයට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රැඳවූවකු පලායාමට උත්සාහ දැරීමේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලැබුවා. මෙම පුද්ගලයා ඝාතන දෙකට වරදකරු වූ ජීවිතාන්තය දක්වා සිර දඩුයම් නියම වූවෙක් බවයි සඳහන් වන්නේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනාවක් සඳහා වන නඩුවකට වැලිකඩ බන්ධනාගාරයේ සිටන මෙම පුද්ගලයා අද උදෑසන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. හෝමාගම උසාවි සංකීර්ණය අසළදී බන්ධනාගාර බස්රථයෙන් බසින අවස්ථාවේ මෙම සිරකරු පලායාමට උත්සාහ දරා තිබෙනවා. ඔහු අසල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැම්මෙන් පැන පරණ ගොඩනැගිල්ල තුලට ඇතුළුවීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක් සිදු කළා. තුවාල ලැබූ මෙම සිරකරු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. වයස අවුරුදු 35 ක් පමණ වන මෙම පුද්ගලයා මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් වරදකරු වී සිටින මෙම පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිර දඩුයම් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවූවෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.