ජනාධිපතිතුමා සමඟ සබඳතා පවත්වන බව හඟවමින් වංචා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ලැබී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් මෙන්ම ජනාධිපතිතුමා සමග සමීප සබදතා ඇති තැනැත්තන් ලෙස පෙනී සිටිමින් වංචා සිදු කරන බවට සිදු කෙරුණු පරික්ෂණවලින් හෙළි වුණා. ජනතාවට බලපෑම් කරන මෙවැනි පුද්ගලයන් පිලිබඳ තොරතුරු ලැබී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එම පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මෙවැනි ආකාරයේ වංචාවකට හෝ නීති විරෝධී බලපෑමකට ලක්ව තිබේනම් එම ප්‍රදේශයට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දෙන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. එම තොරතුරු ලබාදී මෙවැනි වංචා සහ නීති විරෝධී බලපෑම් වලක්වාගැනීමට සහාය දෙන ලෙසයි අමාත්‍යාංශ්‍ය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. කොළඹ නගරය තුළ සිදු වූ මෙවැනි වංචාවක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන අංශය වෙත දැනුම් දිය හැකියි.