හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා ලබන 23 වනදා තෙක් තවදරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ මෙම නඩුව කැඳවූවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ වන විට කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. හිටපූ පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ,නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙකු සහ හිටපු අමාත්‍යවරයකු වන රංජිත් මද්දුම බණ්ඩාර මහතාද ඒ අතර වනවා. මෙම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , කතානායක කරූ ජයසූරියසහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ද , අගරදගුරුතුමාගෙන්ද ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලීසියට දැනුම් දී අති බවද දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා.
මේ අතර තම පුතාගේ විවාහ උත්සවය සහභාගී වීම සඳහා අවසර ලබා දෙන ලෙස පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කරන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළා. ඒ තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා පූජිත් ජයසුන්දර මහතා යොමුකළ ඇප අයැදුම්පත කැඳවූ අවස්ථාවේයි. ඇප පෙත්සම ජනවාරි 09 වනදා යළි කැඳවීමට නියමිතයි.