ශ්‍රී‍්‍ර ලංකාවට අඛණ්ඩව සහය වන බව ස්විට්සර්ලන්තය ප්‍රකාශ කළා.
කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා අතර සාකච්ඡා පැවැති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් ද එහිදී අවධානයට ලක්වුණා. ශ්‍රී‍්‍ර ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අදහසක් නොතිබූ බවයි එහිදී තානාපතිවරයා සඳහන් කළේ. විමර්ශනවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තානාපතිවරයාට කරුණු පැහැදිලි කර තිබෙනවා. පැහැර ගැනීම් සම්බන්ධ චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ වනවිට තහවුරුවී ඇති බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වාදුන්නේ.