ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සම්බන්ධතා ඇති බව පවසමින් වංචා සිදුකරන පුද්ගලයන් පිළිබඳ දැනුම්දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. සියලු පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ පිළිබදව තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. කොළඹ වංචා විමර්ශන අංශයට ද තොරතුරු ලබාදීමට පහසුකම් සලසා තිබෙනවා.