අන්තර් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන්වහන්සේ පත්කර තිබෙනවා.
ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන්වහන්සේ වෙත පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද පිළිගැන්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මේ අතර නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය ජනාධිපතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.