fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාධ්‍ය සතු වගකීම ජනපති පහදයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 18:46

මාධ්‍ය සතු වගකීම ජනපති පහදයි

රජයක් නිසි මගට යොමු කිරීම සඳහා මාධ්‍යයට පුළුල් බලපෑමක් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්‍ෂවරුන් හා මාධ්‍ය වේදීන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී අද හමුවූ අවස්ථාවේදීයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.

විවේචන අපේක්‍ෂා කරන අතර එය රජයේ නිවැරදි ගමනට ශක්තියක් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියාසිටියා. මාධ්‍ය සෑම විටම නිවැරදි දේ සහ සත්‍ය වෙනුවෙන් සිය පෑන හසුරුවනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේ. රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා ද ස්වාධීන හා නිදහස් පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපතිතුමා පැවසුවා.

එම් සී සී ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිත බවයි මෙහිදී සඳහන් කෙරුණේ. වත්මන් රජය බලයට පත්වීමෙන් කෙටි කලක් තුළ සහන රැසක් ලබා දීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කාර්යක්‍ෂම හා විධිමත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දැක්වූවා.

ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මාධ්‍ය වේදීන් ජනාධිපතිතුමාගෙන් කරුණු විමසා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්විස් තානාපති හෑන්ස් පීටර් මොක් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද හමුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමග සුහද කතාබහක ද නිරත වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්