සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත් වූ පුද්ගලයන් දෙදෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සංවිධාන කළ මාධ්‍ය හමුවකදී මෙම පුද්ගලයන් අදහස් පළ කළේ සුදු වෑන් රථවලින් පුද්ගලයන් පැහැර ගත් බව කියන වෑන් රථ රියදුරු බව කියන පුද්ගලයෙකු සහ පැහැරගෙන මුදා හැරි බව කියන පුද්ගලයෙකු ලෙසයි. උතුරු ප්‍රදේශයේ සිට රත්‍රං ප්‍රවාහනය කළ බවටද එක් අයෙකු ප්‍රකාශයක් කර තිබුණා. එහිදි ඔවුන් දෙදෙනාම පෙනී සිටියේ රියදුරන් ලෙසයි. ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පැය 72 ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.