fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නල්ලතන්නියේ වෙළෙඳ සැල්වල දුම්වැටි සහ ප්ලාස්ටික් අලෙවිය තහනම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 12:44

නල්ලතන්නියේ වෙළෙඳ සැල්වල දුම්වැටි සහ ප්ලාස්ටික් අලෙවිය තහනම්

නල්ලතන්නිය නගරයේ සහ නල්ලතන්නිය ශ‍්‍රිපාද මාර්ගයේ කිසිඳු වෙළෙඳ සැලක දුම්වැටි, බීඩි, සුරුට්ටු , දුම්කොළ, පොලිතින් සහ ප්ලාස්ටික් අලෙවි කිරිම මෙන්ම පරිහරණය මුළුමණින්ම තහනම් කර තිබෙනවා.

ශ‍්‍රි පාද වන්දනා සමය හේතුවෙන් මෙම තහනම ක‍්‍රියාත්මක බවයි නුවරඑළිය දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ගාමිණී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ. ශ‍්‍රීපාදස්ථානය පුජා භුමියක් හා පුජා නගරයක් බවට ප‍්‍රකාශයට පත්කිරිමත් සමඟ පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස එම ප‍්‍රදේශ පවත්වාගෙන යාමයි අරමුණ. මෙම තීරණය පිළිබඳ වෙළෙඳ ප‍්‍රජාව දැනුවත් කෙරුණා. එහිදී වෙළෙඳසැල්වල තිබූ පොලිතින්, ප්ලාස්ටික් සහ ආහාර දවටන සියල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගෙන තිබෙනවා. නල්ලතන්නිය හ‍්‍රීපාද මාර්ගයේ පානීය ජල ගැටලුවක් පවතින බැවින් මිලිලීටර දහසේ ප්ලාස්ටික් ජලබෝතල් පමණක් පරිසරයට හානි නොවන පරිදි අලෙවියට හා පරිහරණයට අවසර දී ඇති බවද සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්