fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලුඅග්ගලට භික්ෂු ගිලන් විවේකාරාමයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 12:31

කලුඅග්ගලට භික්ෂු ගිලන් විවේකාරාමයක්

ගිලන්වන භික්ෂූන්වහන්සේට රැකවරණය ලබාදීමේ අරමුණින් ඉදිකළ භික්ෂු ගිලන් විවේකාරාමයක් කලුඅග්ගල ගිරාඉඹුල ප්‍රදේශයේදී විවෘත කෙරුණා.

පූජ්‍ය මෝදරවානේ අමිල ස්වාමීන්වහන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකළ මෙම ගිලන් භික්ෂු විවේකාරාමය විවෘත කෙරු‍ණේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි. ව්‍යාපාරික යූ.බී.ජී ජයන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ ධනපරිත්‍යාගයෙන් මෙම භික්ෂු ගිලන් විවේකාරාමය ඉදිකළා. ගිලන් වූ භික්ෂූන්වහන්සේ  75 නමකට පමණ මෙම විවේකාරාමයේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් සළසා තිබෙනවා. ගිලන් භික්ෂූන්වහන්සේ උදෙසා දානය පිලිගැන්වීමේ අවස්ථාව පරිත්‍යාගශීලීන් වෙත උදාකර දී තිබීමද  මෙහි විශේෂත්වයක්.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්