ප්රදේශ රැසකට හෙට දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කළා.
පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක , සීදුව සහ කැලණිය යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන්නේ හෙට උදෑසන අටේ සිට අනිද්දා උදෑසන අට දක්වා. බියගම, මහර, දොම්පේ සහ ගම්පහ යන ප්රදේශවලට ද එම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි මන්ඩලය සඳහන් කළේ.
මේ අතර භෙට පෙරවරු අටේ සිට රාත්රි 7.30 දක්වා පැය එකොලහ හමාරක කාලයක් කලුතර ආශ්රිත ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර උතුරු සහ දකුණු, හා කටුකුරුන්ද යන ප්රදේශ ඊට ඇතුලත්. නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්ඹුවල, මග්ගොන, බේරුවල , කලුවාමෝදර, මොරගොල්ල, අලුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්රදේශවල ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. කෙත්හේන ජල පවිත්රාගාරයේ විදුලි සැපයුම මෙම කාලසීමාවේදී අත්හිටුවීමයි ඊට හේතුව වී තිබෙන්නේ.