සියලු තැපැල් කාර්යාලවලට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම මෙහි අරමුණයි.
ලබන වසරේ සිට වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. තැපෑල කිසිම දිනක පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. තැපැල් දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් ඇතුළු වත්කම් උපයෝගී කරගනිමින් ආදායම් ඉපැයීමට කටයුතු කරන බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති තැපැල් සම්මාන හරසරනී උළෙලට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ. මහා භාණ්ඩාරයට බරක් නොවන ලෙස තැපැල් සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක පුහුණුවද ලබාදෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.