fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සමඟ පළමු එක්දින කි‍්‍රකට් තරගයේ ජය කොදෙව්වන්ට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 09:40

ඉන්දියාව සමඟ පළමු එක්දින කි‍්‍රකට් තරගයේ ජය කොදෙව්වන්ට

ඉන්දියාව සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායිහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවි  ලකුණු 287ක් ලබා ගත්තා. රිෂිබ් පාන්ට් ලකුණු 71යි. පන්දු යැවිමේදී ශෙල්ඩන් කොට්‍රෙල් , කීමෝ පෝල් සහ අල්සාරි ජෝසප් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දවි එම ඉලක්කය පසු කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ශිමර්න් හෙට්මයර් ලකුණු 136ක් ලබා ගත්තා. ඊට හයේ පහර 07ක් සහ හතරේ පහර 11ක් ඇතුලත්.  ෂායි හෝප් නොදැවි ලකුණු 102යි.  දෙරට අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියේ දෙවන තරගය අනිද්දා විසාකාපට්නම්හි පැවැත්විමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 09:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්