fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තය පරදා ඕස්ට්‍රේලියාවට ලකුණු 296ක විශිෂ්ඨ ජයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 09:23

නවසීලන්තය පරදා ඕස්ට්‍රේලියාවට ලකුණු 296ක විශිෂ්ඨ ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 296ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණ.

පර්ත්හී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 416ක් රැස් කළා. සිය තුන්වන ටෙස්ට් ශතකය වාර්තා කළ මර්නස් ලබුෂේන් නොදැවි ලකුණු 143යි. නවසීලන්තයට සිය පළමු ඉනිමෙදී සියලු  දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 166ක් පමණයි. රෝස් ටේලර් ලකුණු 80ක් ලබා ගත්තා.  සිය දෙවන ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියාව කඩුලු 09ක් දැවි ලකුණු 217ක් ලබා සිටියදීයි ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 468ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට දෙවන ඉනිමේදී සියලු දෙනා දැවි ලබා ගත හැකිවුයේ ලකුණු 171ක් පමණයි.  දෙරට අතර පැවැත්වෙන තරග 03කින් යුත් ටෙස්ට්  තරගාවලියේ දෙවන තරගය ලබන 26වනදා ආරම්භ වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 09:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්