fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ජනපති නිරීක්‍ෂණය කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:24

හම්බන්තොට ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ජනපති නිරීක්‍ෂණය කරයි

හම්බන්තොට ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිරීක්‍ෂණයට ලක් වුණා.

හම්බන්තොට නගර සභාවට අයත් කොම්පෝස්ට් අංගනයේ පිහිටි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ජනාධිපතිතුමා නිරීක්‍ෂණය කළා. දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 50 ක් කොම්පෝස්ට් බවට පත් කළ හැකි මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ජයිකා ආධාර යටතේයි. හම්බන්තොට නගරයේ කැළිකසළ ගැටලුවට විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණා. එහි කටයුතු නිරීක්‍ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර මසක් ඇතුළත එහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo