2009 වසරේ මැයි 18 වනදා ත්‍රස්තවාදය සහමුලින්ම මව්බිමෙන් අතුගා දැමීමට වීරෝදාර රණවිරුවන් සමත් වුණා. යුද ගැටුම් අතරතුර ආරක්ෂක අංශවලට භාර වූ හා හමුදා අත්අඩංගුවට ගැනුණු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් පුනරුත්ථාපනය කර සමාජ ගත කෙරුණා. එසේ සමාජ ගත කළ එම පිරිසගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට යුද හමුදාව තවදුරටත් විවිධ අංශවලින් මානුෂීය සහන සලසනවා.
පුනරුත්ථාපනය කර සමාජ ගත කෙරුණු හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සංඛ්‍යාව දොළොස් දහස ඉක්මවනවා. ඔවුන් මේ වන විට තම පවුල්වල සාමාජකයන් සමග යහපත් ජීවිතයකට අවතීර්ණ වී සිටින්නේ රජය හා ආරක්ෂක අංශ ලබා දුන් මග පෙන්වීම මතයි. කෙසේ වුව ද මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකු ආබාධ සහිත තත්ත්වයට පත්ව සිටින්නන් බැවින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට විවිධ අයුරින් උපකාර කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවැනි පවුල්වලට ස්වයංරැකියාවල නිරත වීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබා දීම සිදුකෙරෙන්නේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීම මතයි. කිලිනොච්චිය ප්‍රදේශයේ එවැනි ආබාධ සහිත හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ස්වයංරැකියා උපකරණ හා භාණ්ඩ ලබා දීම අදියර කිහිපයක් යටතේ සිදුකෙරුණා. ඒ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය මහතාගේ සංවිධායකත්වයෙන්. මෙය තමන්ට මහත් උපකාරයක් බවයි ප්රත්ලාභීන් කියාසිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/cMv0Lx-ZyR4″]