fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු පයාගල වෙරළ තීරයේ මහතොඩුවාව මාදැල් වරාය සීඝ්‍ර මුහුදු ඛාදනයකට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:04

දකුණු පයාගල වෙරළ තීරයේ මහතොඩුවාව මාදැල් වරාය සීඝ්‍ර මුහුදු ඛාදනයකට

දකුණු පයාගල වෙරළ තීරයේ මහතොඩුවාව මාදැල් වරාය සීඝ්‍ර මුහුදු ඛාදනයකට ලක්වෙමින් පවතිනවා. මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවයි ධීවරයින් පවසන්නේ.

1950 වසරේ ආරම්භ කළ මහතොඩුවාව ධීවර වරාය මාදැල් වරායක් ලෙස නම් කිරීම සිදුකළේ 1991 වසරේයි. පැලපොල්වත්ත, ලංසියාවත්ත, ඇලගහවත්ත, රේන්දගේ වත්ත ආදී ගම්මානවල ධීවර ජනතාව තම ධීවර කටයුතු සිදු කරන්නේ මෙම වරාය උපයෝගී කර ගනිමින්. අධික වෙරළ ඛාදනය හේතුවෙන් මේ වන විට එම වරායට එල්ලවී ඇත්තේ බරපතල තර්ජනයක්. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. පයාගල පොදු සුසාන භූමිය ද ගිලා බැසීමේ තර්ජනයටයි ලක්ව ඇත්තේ. මෙම ගැටලුවට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස පාරම්පරික මාදැල් හිමියන් අදාළ අංශවලින් ඉල්ලා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්