නැවතුණු සංවර්ධනය යළි අරඹන බවට අගමැතිගෙන් සහතිකයක්
Related Articles
නැවතී ඇති සංවර්ධනය යළි අරඹන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. තංගල්ල වනවාස කුඩා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
තංගල්ල වනවාස කුඩා විහාරය, බදගිරිය රජමහා විහාරය හා කිරුළපන ශ්‍රී සිද්ධාර්ථාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති පූජ්‍ය වැවහමන්දූව වාචීස්සර ස්වාමීන් වහන්සේගේ 93 වන ජන්ම දිනය වෙනුවෙන් පිරිත් සඡ්ඣායනාවක් පැවැත්වුණා. විහාරාධිපති නාහිමියන්ට ආශිර්වාද පතා පැවති මෙම පිරිත් දේශණය ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාත ද එක්ව සිටියා.
මේ අතර තංගල්ල වගේගොඩ රන්කොත්මළු රජමහා විහාරය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ ව්‍යාපෘතියට අග්‍රාමාත්‍යවරයා අත්සන් තැබීමද අද සිදු වුණා.
රන්කොත්මළු රජමහා විහාරය පූජා භූමියක් ලෙස මේ අනුව සංවර්ධනය කෙරෙනු ඇති. ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘතියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තැබුවේ තංගල්ල කාල්ටන් නිවසේදීයී. ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.