fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ විරෝධතා තවදුරටත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 11:35

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ විරෝධතා තවදුරටත්

පාකිස්ථානය , ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යන රට වලින් පැමිණෙන මුස්ලිම් නොවන සරණාගතයයන්ට පමණක් පුරවැසිභාවය ලබාදෙන පනතට එරෙහිව ඉන්දියාවේ විරෝධතා උත්සන්න වී තිබෙනවා.

බටහිර බෙංගාලය සහ ඇසෑම් ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන් ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ. කොල්කටා නුවරට රැස්වූ විරෝධතාකරුවන් මහ මාර්ග අවහිර කර දුම්රිය පහක් ගිනිබත් කර තිබෙනවා. ඇසෑම් ප‍්‍රාන්තයේ අගනුවර ඇඳීරිනීතිය යළි කි‍්‍රයාත්මක කළා. ඇතිවූ ගැටුම් වලදි විරෝධතාකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එක්සත් රාජධානිය , ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඉන්දිය සංචාරයන් සඳහා සිය පුරවැසියන්ට අවදානම් නියෝග ද නිකුත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්