fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 10:23

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි. වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගයේ හතරවන දිනය වූ ඊයේ  දිනය සම්පුර්ණයෙන් අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.

රාවල්පින්ඩිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන දිනයට තරගය නතර කරන විට කඩුලු 06ක් දැවි ලකුණු 282ක් ලබා සිටියා. තුන්වන දිනයේදී වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගයට බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ක්‍රියාත්මක කිරිමට හැකි වුයේ පන්දුවාර 05යි පන්දු 02ක් පමණයි. ඒ අනුව මෙම තරගයේ තවත් ඉතිරිව ඇත්තේ අද දිනය පමණක් වන බැවින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවයි ක්‍රිඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ලකුනු 96ක සබඳතාවක්  ගොඩනැගුවා. නොදැවි පන්දුවට පහරදෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 87ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 06ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 10:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්