සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි. සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 06ක් දැවි ලකුණු 167ක් ලබා සිටියා.
තරගය පර්ත්හීදි දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 416ක් රැස් කළා. සිය තුන්වන ටෙස්ට් ශතකය වාර්තා කළ මර්නස් ලබුෂේන් නොදැවි ලකුණු 143යි. ඩේවිඩ් වෝනර් 43ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී නෙයිල් වැග්නර් හා ටිම් සවුති කඩුලු 04 බැගින් බිද හෙලුවා. සිය පළමු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත කන්ඩායමට සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 166ක් පමණයි.