fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර කොළඹ මාර්ගයේ ලංගම බස් රථ රියදුරෙකුට පිරිසක් පහර දෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:53

මහනුවර කොළඹ මාර්ගයේ ලංගම බස් රථ රියදුරෙකුට පිරිසක් පහර දෙයි

මහනුවර කොළඹ මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක රියදුරුට කිසියම් පිරිසක් පහර දුන්නා. එම අවස්ථාවේ එම ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුට ද එම පිරිස පහර දී තුවාල සිදු කර තිබෙනවා.

අදාළ බස් රථය මිරිස්වත්ත මංසන්ධියේ සංඥා පද්ධතිය අසළ නවතා තිබියදීයි මෙම පහරදීම සිදු වුණේ. බස් රථයේ රියදුරු ඊට ඉදිරිපසින් තිබූ මෝටර් රථය වෙත නළා ශබ්ද නිකුත් කිරීම හේතුවෙන් කුපිත වූ එම මෝටර් රථයේ සිටි පිරිස කලහකාරී ලෙස බස් රථ රියදුරුට බැණ වදිමින් ඔහුට පහර දුන් බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

මෙම අවස්ථාවේ ගැටුම සමථයකට පත් කිරිමට බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරියෙකු මැදිහත් වුණා. එහිදී එක් පුද්ගලයෙකු මන්නා පිහියකින් යුද හමුදා නිලධාරියාට පහර දී තුවාල සිදු කර තිබෙනවා.

තුවාල ලැබූ යුද හමුදා නිලධාරියා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් හා යක්කල පොලිසිය කටයුතු කළා. මෝටර් රථයේ පැමිණි පිරිස ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පංදචිකරුවන් බවයි රෝහල් පොලිසිය සදහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්