fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති කතරගම පුදබිමේ ආගමික වතාවත්වල නිරත වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:44

අගමැති කතරගම පුදබිමේ ආගමික වතාවත්වල නිරත වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. කිරිවෙහෙර මළුවේ පැවති ආගමික වතාවත්වලටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා.

කිරිවෙහෙර පුදබිමට පැමිණ සිටි සැදැහැවතුන් සමග ද සුහද කතාබහකට එක්වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මහසෙන් දේවාලය වෙත ගොස් ආශිර්වාද ලබාගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශ්ණු දේවාලය හා ගණදෙවි දේවාලය වැදපුදාගෙන කතරගම මහා දේවාලයේ පැවති විශේෂ පූජා පිංකමට සහභාගි වුණා.

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය වෙත අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ඉන් අනතුරුවයි. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo