fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එය සරල රිය අනතුරක් – පාඨලී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:50

එය සරල රිය අනතුරක් – පාඨලී

ජාතික හෙළ උරුමය බත්තරමුල්ලේ පිහිටි තම පක්ෂ කාර්යාලයේදී අද  (14) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. 2016 වසරේ තමන් ගමන් ගත් ජීප් රථයේ ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අදහස් පළ කළා.

එය සාමාන්‍ය රිය අනතුරක් පමණක් බවයි  ඔහු මෙහිදී ප්‍රකාශ කළේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මහතා ගමන් ගත් ජීප් රථයෙහි යතුරු පැදියකින් ගමන් ගත් තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබුවා. අනතුර සිදුකළ රථය පළා ගියද එම තරුණයා සමග සිටි තවත් තරුණයෙකු එම රථය ලුහුබැද ගියා. අදාළ ජිප් රථය පදවමින් සිටියේ පාඨලී චම්පික මහතා බවට තමන් දුටු බව එම තරුණයා සනාථ කළා. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ ජීප් රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලිසිය වෙත භාරවූයේ වෙනත් පුද්ගලයෙක්. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අනතුර සිදු වූ ස්ථානයේ සී සි ටී වී දර්ශන මැකී ගොස් ඇති බවයි.

මෙම රිය අනතුර සාමාන්‍ය අනතුරක් බව පාඨලී චම්පික රණවක හතා ප්‍රකාශ කළද එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ සන්දීප් සම්පත් නමැති තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකයට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් මෙම තරුණයා සදාකාලික ආබාධ තත්ත්වයට පත්ව තවමත් ප්‍රතිකාර ලබනවා. එවැනි තත්ත්වයක් මත මෙම රිය අනතුර සරල හා සාමන්‍ය රිය අනතුරක් වන්නේ කෙසේද.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු වඩාත් අවේගශීලීව පිළිතුරු ලබාදෙන අයුරුද දැකගත හැකි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්